යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව, පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් මේ දිනවල ඉන්දියාවේ නිල අධ්‍යයන චාරිකාවක නිරතව සිටින බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා සිය face book ගිණුමේ සටහන් කර තිබෙනවා.
ඉන්දීය විදේශ ලේකම්වරයා මුණගැසී දෙරටේ සංවර්ධන කටයුතු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත වූ බවත් එහිදී ඉන්දීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම්වල ආයෝජනය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ පැහැදිලි කරමින් මේ මොහොතේ මතුවැති ආර්ථික අර්බුද තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් වැඩි කිරීම සඳහා ඉන්දිය ආයෝජකයන් හැකි පමණ දිරිමත් කරන ලෙස ඉල්ලීමක් කළ බව මන්ත්‍රීවරයා පවසනවා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ කතානායකවරයා සමග පැවති සාකච්ඡාවේ දී දෙරටේ පාර්ලිමේන්තු සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා

Share