ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු ඉවත් කිරීමෙන් පසු ඇති වූ අවිනිශ්චිතතාවය හේතුවෙන්, මේ සතියේ වොෂින්ටනයට වෙළඳ දූත පිරිසක් යැවීමේ සැලසුම් ඉන්දියාව විසින් ප්‍රමාද කර තිබෙනවා.
ලෝකයේ සියලුම රටවලට 15% ක තාවකාලික තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප් ඊයේ තීරණය කළා.
ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම් හා සම්බන්ධයෙන් පනවනු ලැබූ 25% ක දණ්ඩනීය තීරුබදු අඩු කිරීම සඳහා දෙරට එකඟ වීමෙන් පසුව, අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමේ සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.
යෝජිත එකඟතාව වූයේ ඉන්දියානු භාණ්ඩ සඳහා එක්සත් ජනපද තීරුබදු 18% දක්වා අඩු කිරීමටයි.
මේ අතර ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු පැනවීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීම හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුම සමාලෝචනය කිරීමට බංග්ලාදේශය තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශය එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ගිවිසුමේ ඉන් ඉවත් වීමේ වගන්තියක් ද ඇතැයි වානිජ අමාත්‍යංශයේ විදේශ වෙළෙඳ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂිකාව පවසනවා.
ඇමරිකානු අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුමට අත්සන් තැබූ රටවල් කිහිපය අතර බංග්ලාදේශය ද වන අතර, එමඟින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය සියයට 20 සිට සියයට 19 දක්වා අඩු කරනු ලැබුවා.
මුලදී, බංග්ලාදේශය සඳහා සියයට 37 ක තීරුබදු ප්‍රකාශයට පත් කර තිබුණා.





