අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පල කළා.
වර්තමාන ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳ සහ අයවැයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා.
ජාතික ආර්ථිකය, ඉදිරි අයවැය සහ රටේ අනාගත ගමන් මග පිළිබඳ මන්ත්රීවරුන්ට අවබෝධයක් ලබා දීමේ අපේක්ෂාවෙන් විශේෂඥයින් කිහිප දෙනෙකුගේ ඉදිරිපත් කිරීම් ද මෙම සාකච්ඡාවට ඇතුළත් වී තිබෙනවා.
මේ අතර තවත් පාර්ශ්ව රැසක් ද හෙට ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධයෙන් බලාපොරොත්තු පල කළා.





