මෙරට කිරි ගොවීන් 25 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වුනා
ඒ පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුවයි.
සතියක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහනේදී නවීන නිෂ්පාදන තාක්ෂණයන් සහ පරිණාමය වෙමින් පවතින සිල්ලර හා සැපයුම් දාම භාවිතයන් සම්බන්ධයෙන් මේ පිරිසට අවබෝධයක් ලබා ගැනීමට අවස්තාව හිමි වූ බවයි කොළඹ පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ





