මෙරට ආර්ථිකය ත්‍රිකුණාමලය දෙසින් චීනය වෙත විවෘත කළයුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
රටක් ලෙස තවදුරටත් කොළඹ සිට යුරෝපය වෙත භාණ්ඩ අපනයනයට පමණක් අවධානය යොමු කරලීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය මගින් සංවිධාන කළ ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳව පැවති සංවාදයකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කොළඹ නිදහස් චතුරස්‍ර භූමි භාගයේ පැවති මෙම විවෘත සංවාදය සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිශාන්ති දිල්රුක්ෂි විමලසිරි යන මහත්ම මහත්මීන් එක්වී සිටියා.





