සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා
ජූලි චන්ග් සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මේ අතර තානාපතිනිය දකුණු වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතවන ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ බෙදා ගනිමින් සර්ෆින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති හිතකර තත්ත්වය ලෝකයට ඉදිරිපත් කර තිබුණා.





