තමාට ප්රසිද්ධියේ ලිංගික අතවර කිරීමට පැමිණි පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන බව මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසනවා.
මෙක්සිකෝ නගරයේ ජාතික මාළිගාව අසල වීදියක ආධාරකරුවන් පිරිසක් සමඟ කතා කරන කරමින් සිටියදී මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් වෙත පැමිණි මිනිසෙක් ඇයගේ පිටුපසින් පැමිණ ඇගේ ගෙල සිප ගැනීමට සහ සිරුර මත දෑත් තැබීමට උත්සාහ කරන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණා.
අදාළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව ලිංගික අතවර යටතේ චෝදනා ගොනු නොකළහොත්, රටේ අනෙක් කාන්තාවන්ගේ තත්වය කෙසේ වේද යන ගැටලුව ඉස්මතුවන බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ෂයින්බෝම් සඳහන් කළා.





