මෙක්සිකෝවේ ෆැටීමා බොෂ් විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳයි

මෙක්සිකෝවේ ෆැටීමා බොෂ් විශ්ව රූ රැජින ලෙස අද කිරුළු පැළඳුවා.
මෙම මස මුලදී තායිලන්ත රූ රැජිණ අධ්‍යක්ෂවරයා, තරගාවලියට පෙර පැවති උත්සවයකදී ෆැටීමාට ප්‍රසිද්ධියේ බැණ වැදීමේ සිද්ධියක් සමාජ මාධ්‍යයේ පුලුල් ලෙස සංසරණය වුණා.ඉතිහාසයේ වඩාත් සාකච්ඡාවට සහ විවේචනයට ලක් වූ 74 වැනි විශ්ව රූ රැජින තරගය ලොව රටවල් 120ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙවර පැවැත්වුණේ තායිලන්තයේ දී
තායිලන්තය විශ්ව රූ රැජින කිරුළු පැළඳීමකට සත්කාරකත්වය ලබා දුන්නේ සිව්වැනි වරටයි.
ලොව දීර්ඝතම කාලයක් පැවති රූ රැජින ඉසව්ව ලෙස මෙය සැලකෙනවා.
මෙම මස මුලදී තායිලන්ත රූ රැජිණ අධ්‍යක්ෂ නවාත් ඉට්සරග්‍රීසිල්, තරගාවලියට පෙර පැවති උත්සවයකදී මෙක්සිකෝ රූ රැජිණ ෆැටීමා බොෂ්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල වැඩසටහනේ ප්‍රවර්ධන අන්තර්ගතයන් පළ නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදීමෙන් රූ රැජින තරගය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා.
සමාජ මාධ්‍යයේ හුවමරු වූ වීඩියෝවල දක්නට ලැබුණේ බොෂ් සහ තවත් තරගකාරියන් කිහිප දෙනෙකු උත්සවයෙන් ඉවත්ව යන අයුරුයි.
ඔහු භාවිත කළ ඇතැම් වචන වරදවා වටහාගෙන ඇති බව පසුව නවාත් පැවසුව ද , එතැන් සිට තරගය මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර විධායක නිලධාරීන් පිරිසක් යැවීමට විශ්ව රූ රැජින සංවිධායකයින් පියවර ගත්තා.
අවසන් තරගයට දින කිහිපයකට පෙර විශ්ව රූ රැජිණ තරගයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වුණා.
ජූරියෙන් ඉල්ලා අස් වූ ලෙබනන්-ප්‍රංශ සම්භවයක් සහිත සංගීතඥයෙකු වන ඕමාර් හාර්ෆවුෂ් චෝදනා කළේ නියමිත තරගයට පෙර “නිල නොවන ජූරි සභාවක්” අවසන් තරගකාරියන් තෝරාගෙන ඇති බවයි.
ප්‍රංශයේ පාපන්දු කළමනාකරු ක්ලෝජා මැකිලිලී ද “අනපේක්ෂිත පෞද්ගලික හේතු” මත බව පවසමින් ජූරි සභාවෙන් ඉවත් වන බව නිවේදනය කළා.
මෙවර තවත් විශේෂත්වයක් වූයේ පලස්තීන ජනතාව නියෝජනය කරමින් තරඟයට සහභාගී වූ පළමු කාන්තාව බවට නදීන් අයුබ් පත් වූ අතර, ඇය අවසන් අවසන් 30 දෙනාගේ වටය දක්වා පැමිණීමට සමත් වුණා.
මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළේ 27 හැවිරිදි පවුලේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරන ලිහාශා ලින්ඩ්සේ වයිට් විසින්.
ජැමෙයිකාව නියෝජනය කළ ගේබ්‍රියෙල් හෙන්රි මිනි පැජන්ට් වටයක දී වේදිකාවෙන් ඇද වැටී බරපතළ අනතුරකට ද ලක් වුණා.
වෙනිසියුලාවේ, පිලිපීනයේ සහ අයිවරි කෝස්ට් හි රූ රැජිනියන් අවසන් පස් දෙනා අතරට පැමිණියා.
විශ්ව රූ රැජින කිරුළට හිමිකම් පෑමේ අවසන් තරගාකාරියන් දෙදෙනා වූයේ මෙක්සිකෝවේ ෆැටීමා බොෂ් සහ තායිලන්තයේ ප්‍රවීනාර් සිං

Share