ලොව ප්රථම මෙගාවොට් 20ක ධාරිතාවෙන් යුත් මුහුදේ ඉදිකළ විදුලි ජනන සුළං ටර්බයිනය මෙහෙයුම් චීනය විසින් ආරම්භ කර තිබෙනවා.
ෆූජියෑන් පළාතට කිලෝ මීටර 30ක් ඔබ්බෙන් වන මුහුදේ ඉදිකර ඇති එම සුළං ටර්බයිනය මේ වනවිට විදුලි පද්ධතියට එක්කර තිබෙනවා.
මෙමගින් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 80ක විදුලියක් ජනනය කිරීමට අපේක්ෂිතයි.
මීටර 40ක් ගැඹුරු මුහුදේ ඉදිකර ඇති එම ටර්බයිනයේ, එක් තලයක දිග මීටර 14ක් පමණ වෙනවා.
සමස්ත ඉදිකිරීමේ උස මීටර 174ක් බව සඳහන්.





