කොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී නලයක සිදුවූ පිපිරීමත් සමඟ ඇතිවූ තෙල් කාන්දුව මේ වන විට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ මුහුදුට එකතු වූ බොරතෙල් මෙට්‍රික්ටොන් දෙසියක පමණ ප්‍රමාණයකින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බවයි.
කොළඹ වරායට නාවික සැතපුම් හයහමාරක් පමණ දුරකින් පිහිටි නෞකාවකින් බොරතෙල් ගොඩබාන අවස්ථාවේ නලයක පිපිරීමක් සිදුව තිබුණේ අද අලුයම 3 ට පමණ.
කොළඹ වරායට නාවික සැතපුම් තුනහමාරක් පමණ දුරකින් නලය පුුපුරා ගොස් ඇතැයි අනාවරණ වීමත් සමග අලුයම 3.20 පමණ වන විට තෙල් පොම්ප කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා.
කෙසේවෙතත් කෙසේවෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ එම කාලය තුළ බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක පමණ ප්‍රමාණයක් මුහුදු ජලයට මුසුවී ඇති බවට සැකකරන බවයි.
ඒ සම්බන්ධයෙන් වරාය අධිකාරිය වෙතින් ලද දැනුම්දීමකට අනුව ක්‍ෂණිකව ප්‍රථිචාර දක්වමින්, වේගප්‍රහාරක යාත්‍රා 03ක් ඉන්ධන විසිරීම පාලනය සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්‍ෂා නෞකාව සමඟ යෙදවූ බව නාවික හමුදාව පැවසුවා.
කාන්දු වූ තෙල් දකුණු දෙසට ගමන් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිරීක්ෂණය කර තිබුණා.
ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුලු කණ්ඩායම් කිහිපයක් විසින් මුහුදට එකතු වී තිබූ බොරතෙල් එකතු කිරීමට ආරම්භ කරනු ලැබුවා.
අද පස්වරුව වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවා.
අද අලුයම 3ට බොරතෙල් ගොඩබාන නලයක පිපිරීමක්
විනාඩි 20කින් පමණ නලයේ කරාම වසා දමා තත්ත්වය පාලනය කළා
බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක් සාගරයට මුසුවී ඇති බවට සැකයක්
මුහුද යටින් තෙල් ප්‍රවාහනය කරන බටයක් පුපුරා ගියා
විනාඩි විස්සක් පමණ කාලයක තෙල් කාන්දුවක්
පැවති සුළඟ තත්ත්වය පාලනය කිරීමට බාධාවක්
ගුවන් හමුදාව මඟින් ගුවන් ඡායාරූප ලබා දුන්නා
වැඩියෙන් විසිරුණු ස්ථානවල තෙල් එකතු කළා
පැයක් හත අටක් තුළ සම්පුර්ණයෙන් තත්ත්වය පාලනය කිරීමට සමත් වුණා
කිසිදු පාර්ශ්වයකට අවදානමක් නෑ.





