මුල්ලේරියාවේ ජල නලයක් පිපිරීමෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

මුල්ලේරියාව ප්‍රදේශයේදී පිපිරිමට ළක් වූ ප්‍රධාන ජල නලයේ ප්‍රතිංස්කරණ කටයුතු අවසන් කර හෙට පෙරවරු 6.00 පමණ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන් පවුල් එක්ලක්ෂ 25000 කට බලපෑම් එල්ල වි තිබෙනවා
කෙසේ වෙතත් ජල සැපයුම අඩාල වීමෙන් බලපෑමට ළක්වූ කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මුල්ලේරියාව මූලික රෝහලට බවුසර් මඟින් ජලය නිකුත් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන ජල සැපයුම් මාර්ගයේ ප්‍රධාන ජල නලයක් පිපිරී යාමෙන් අද පෙරවරුවේ සිට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණ හිටියා.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට තවදුරටත් ජන සැපයුම ඇණහිට තිබෙනවා.
ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මේ හේතුවෙන් පවුල් එක්ලක්ෂ 25000 කට බලපෑම් එල්ල වි ඇති බවයි.
ජල සම්පාදන මණ්ඩලය විසින් මේ වන විට නලයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර හෙට පෙරවරු 6.00 ට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ජල සැපයුම අඩාල වීමෙන් බලපෑමට ළක්වූ කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මුල්ලේරියාව මූලික රෝහලට බවුසර් මඟින් ජලය නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ
අවශ්‍යතාව පරිදි සාමාන්‍ය ජනතාවටත් බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු කර තිබෙනවා.
පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ අවට සෙසු ප්‍රදේශ සඳහාද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
මේ අතර ජල සම්පාදන මණ්ඩලයේ නලය පිපිරී ඇති ස්ථානය අද පස්වරුවේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ නිරීක්ෂණයට ළක් වුණා.

Share