පරන්තන්-මුලතිව් ප්රධාන මාර්ගයේ මුරසුමොට්ටායි ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවුණේ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.
විශ්වමඩු සිට කිලිනොච්චි දක්වා ධාවනය වූ මෝටර් රථයක් වවුනියාවේ සිට විශ්වමඩු දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවුණා.
අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු ද ඇතුළුව 5 දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
ඔවුන් සියලු දෙනා තුවාල ලැබූ අතර කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු සහ තවත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය සිව්දෙනාම විශ්වමඩු ප්රදේශයේ පදිංචිකරුවන්.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයා සහ බස් රථයේ රියදුරු තවදුරටත් කිලිනොච්චිය දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබනවා.





