මුදල් ඔට්ටුවට යතුරු පැදි ධාවන තරග පැවැත් වූ තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා.
මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් රාත්රි කාලයට පැරණි ගාලු පාරේ යතුරු පැදි තරග පවත්වන බවට ප්රදේශවාසින්ගෙන් ලද පැමිණිලි මත පානදුර පැරණි ගාලුපාරේ ජුබිලි හන්දියේ සහ අවට තැන තැන මාර්ග බාධක යොදා කළ වැටලීමකදී යතුරු පැදි 4 ක් සහ තරුණයන් 7 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.





