මීටියාගොඩ වෙඩි තැබීම

ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ කළ වෙඩි තැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තඹහිටිය මීටියාගොඩ ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්. ‍‍ගාල්ල මීටියාගොඩ කිරලගහවෙල මංසන්ධියේ හෝටලයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ රාත්‍රි…. පමණ. හෝටලයේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබුවා.

ඇය බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය කාන්තාව 48 හැවිරිදි තඹහිටිය මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්

කළුපැහැති යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම කාන්තාවට වෙඩි තබා පලා ගොස් තිබුණා.
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම අම්පේගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ඊයේ රාත්‍රියේම පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
පොලිසිය සැක පළ කරන්නේ පසුගියදා අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුෂවිතානගේ ඝාතනයට පලි ගැනීමක් ලෙස මෙය සිදුකරන්නට ඇති බවයි.
මෙලෙස ඊයේ ඝාතනයට ලක්වූයේ මිරන්ත වරුෂවිතාන ඝාතනය කළ බවට සැක කෙරෙන මහදුර ඉසුරු නැමැත්තාගේ නැන්දණියක බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා
එමෙන්ම ඇය, පසුගිය 07 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේ අවන්හලකදී ඝාතනයට ලක්වූ මහදුර නලින් නැමැත්තාගේ සහෝදරියක්

ඒ අනුව මෙම වෙඩි තැබීම කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

Share