ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ ඇති ධර්ම ශාලාව ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇති බව අනුරාධපුර භූ විද්‍යා හා පතල් කැනීම් අංශයේ ඉංජිනේරුවන් දැනුම් දී තිබෙනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් චෝදනා කරන්නේ රජය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගය නොගන්නා බවටයි.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබෙනවා
දිට්වා සුලිකුනාටුවත් සමග පැමිනි ආපදා තත්ත්වයෙන් පසු ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ ඇති ධර්ම ශාලාව ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇති බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් පසුගිය දා පැවසුවා.
ඒ අනුව අද පෙරවරුවේ අනුරාධපුර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ ඉංජිනේරුවන් විහාරස්ථානයට පැමිණ ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළා.
එහිදී ඉංජිනේරුවන් සදහන් කළේ කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත්, ධර්මශාලාව ගිලා ගිලාබැසීමේ අවදානමක් තිබෙන බවයි.
එමෙන්ම මිහින්තලේ ගිරිබණ්ඩ සෑය මේවන විට මැදින් පුපුරා ඇති අතර එය ද කඩා වැටෙනු ඇතැයි ඉංජිනේරුවන් පෙන්වා දුන්නා.
පසුව මාධ්‍ය හමුවේ අදයහස් දැක්වූ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නා බවට රජයට චෝදනා කළා.





