මැලේසියාවේ ක්වාලලාම්පූර් පැවැත්වෙන 2025 ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ලෝක සමුළුවේ දෙවැනි දිනය අදයි.

මැලේසියාවේ ක්වාලලාම්පූර් අගනුවර පැවැත්වෙන 2025 ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ලෝක සමුළුවේ දෙවැනි දිනය අදයි.
මේ සඳහා ලොව නන් දෙසින් පැමින සිටින ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සඳහා විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ අද දිනය පුරා පැවැත්වුණා. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ලෝක සමුළුව 2025 පැවත්වෙන්නේ මැලෙසියාවේ ක්වාලලාම්පූර් අගනුවර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ දීයි.
දින 4ක් පුරාවට පැවැත්වෙන මෙම සමුළුවේ දී ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා නව තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් වැඩමුළු ගනනාවක් පැවති අතර ඒ සඳහා පැමින සිටි මාධ්‍යවේදීන් ගෙන් හිමි වූයේ ඉහල ප්‍රතිචාරයක්.
එමෙන්ම කෘතීම බුද්ධිය ආශ්‍රයෙන් සිදුකරන ව්‍යාජ ප්‍රවෘත්ති හදුනාගැනීම සඳහා වූ වැඩසටහන් සඳහාද ඉහළ සහභාගීත්වයක් දක්නට ලැබුණා.
ලබන 24 වැනි දා දක්වා පැවැත්වෙන මේ සමුළුව සඳහා ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, මාධ්‍ය පුහුණුකරුවන්, විශේෂඥයින් 1500ට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටිනවා.
මෙම සමුළුවේ අද දින පැවති අතුරු සැසියක් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක මාධ්‍යවේදීනියක වන නාමිනි විජේදාසට ද ඇරයුම් ලැබී තිබුණා. ‍
ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා ඇයගේ සුවිශේෂ දායකත්වය සහ ශ්‍රී ලංකාවේ දූෂණය හෙළිදරව් කිරීමට සහ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටීමේ ඇයගේ නොසැලෙන කැපවීම අගයමින් අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ ‘2025 ජාත්‍යන්තර ධෛර්යසම්පන්න කාන්තාවෝ’ සම්මානය ද ඇය පසුගිය දා හිමිකරගත්තා.
අතුරු සැසිය පැවැත්වුණේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතර කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහායි.
මේ සඳහා පුලිට්සර් මධ්‍යස්ථානයේ විධායක කතෘ මරීනා වෝකර් ද එක්වී සිටියා.

Share