දැනට මෙරටට අවශ්‍ය ඉන්ධන තොග මැයි මස මැද දක්වා ප්‍රමාණවත් පරිදි පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසනවා
ඔහු පවසන්නේ මේ වන විටත් පසුගිය 2 වැනිදා ද මෙරටට ලඟාවූ ඉන්ධන නැවක ඉන්ධන ගොඩබාමින් පවතින බවයි.
එමෙන්ම ලබන 6 වැනිදා සිට 8 වැනිදා දක්වා තවත් ඉන්ධන නෞකා 2ක් මෙරටට ළගා වීමට නියමිත බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නැවක් හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.
එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයටත් වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නා.
යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බැවින්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර, මැදපෙරදිග යුද ගැටුම් මධ්‍යයේ සිදුව අති ගුවන් ගමන් සීමා විම් නිසාවෙන් පසුගිය මාසය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණිම අඩාල වී තිබෙනවා.
ඒ අනුව 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 183,979 ක් වූ අතර එය 2025 මාර්තු මාසයට සාපේක්ෂව 19.7% ක අඩුවීමක්.
2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 229,298 ක් පැමිනි අතර එය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 9.62% ක වැඩිවීමක් ද පෙන්නුම් කළා.
ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරකයින්ගේ පැමිනීමේ සැලකිය යුතු අඩුවක් සිදු වී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
මේ මාර්තුවේ දී 47,533 ක වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණි අතර, එක්සත් රාජධානියෙන් පැමින ඇති සංචාරකයින් සංඛ්‍යාව 18,092, ක්.
මේ අතර පිලිවෙළින් රුසියාවෙන් 15,685,චීනයෙන් 14,064ක් හා ජර්මනියෙන් 13,429ක් ලෙස සංචාරකයින් පැමිණ තිබෙනවා.





