රජය විසින් මාදැල් ධීවර කර්මාන්තකරුවන්ට අසාධාරණය වෙනුවෙන් සියලු ධීවරයින් පෙනී සිටිය යුතු බව ලංකා ධීවර ජාතික සංවිධානය පවසනවා.
මේ අතර වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ නිරත වීම තහනම් කිරීමට එරෙහිව ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 8වැනි දිනටත් පැවැත්වෙනවා.
ට්‍රැක්ටර්වලට සවි කරන වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ නිරත වීම තහනම් කිරීමට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවරයින් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 8වැනි දිනටත් පැවැත්වුනා.
ඔවුන් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා කළත් ඊට සාධනීය විසඳුමක් මෙතෙක් ලැබී නැහැ. මෙවන් පසුබිමක ලංකා ධීවර ජාතික සංවිධානය පවසන්නේ රජය විසින් මාදැල් ධීවර කර්මාන්තය වෙනුවෙන් සිදුකරන අසාධාරණය වෙනුවෙන් සියලු ධීවරයින් පෙනී සිටිය යුතු බවයි.





