මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
සත්‍යග්‍රහයේ නිරතව සිටින ධීවරයින් පවසන්නේ හෙට සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි මා දැල් කර්මාන්තය නතර කිරීමට කටයුතු කරන බවයි
මේ අතර හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද සත්‍යග්‍රහයට අද පෙරවරුවේ එක්වුණා.
මෙරට වෙරළ තීරයේ නිතර දක්නට සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතා කිරීම රජය විසින් තහනම් කරනු ලැබුවා.
එම තීරණයට විරෝධය පල කරමින් කල්පිටිය, මුලතිව්, පුත්තලම් ඇතුළු දිස්ත්‍රිකක්ක කිහිපයක ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 5 වැනිදායි.
අද වන විට එම සත්‍යග්‍රහය අඛණ්ඩව සිව් වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර මා දැල් ධීවරයින්ගේ ගැටළුව පිළිබඳ සොයා බැලීමට හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද එහි පැමිණියා.
ධීවරයින්ට සහය පලකරමින් මන්ත්‍රීවරයා සත්‍යග්‍රහයට එක්වුණා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද එහි පැමිණියා.
පසුව මන්ත්‍රීවරුන් දෙදෙනා එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය අසළට ගොස් ධීවරයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සහ දැරුවද එය ව්යර්තවුණා.
මේ අතර හෙට සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි මා දැල් කර්මාන්තය නතර කිරීමට කටයුතු කරන බව සත්‍යග්‍රහයේ නිරත ධීවරයින් සඳහන් කළා.





