මා දැල් ධීවරයින් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට අදට දින 3ක්

සාම්ප්‍රදායික ධීවර පන්නයක් වන මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතා කිරිම තහනම් කිරිමට රජය තීරණය කර තිබෙනවා.
මෙම වෑයමට විරෝධය පල කරමින් මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට අදට දින 3ක්.
මේ අතර දිගින් දිගටම මා දැල් ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුවහොත් ඉදිරියේදී මාලු මිල ඉහළ යා හැකි බවයි සමස්ථ ලංකා ධීවර හිමිවන්ගේ සංගමය පවසන්නේ.

මෙරට වෙරළ තීරයේ නිතර දක්නට සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතා කිරිම රජය විසින් තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත් රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් කල්පිටිය මුලතිව්, පුත්තලම් ඇතුළු දිස්ත්‍රිකක්ක කිහිපයක ධිවරයින් ජනාධිපති ලේකම් කායාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේ පසුගිය 5 වැනිදායි.
අද වන විට එම සත්‍යග්‍රහය ක්‍රියාත්මක වුයේ 3 වැනි දිනටයි.

විරෝධතාකරුවන් ධීවර අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටිය ඔවුන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලැබුණා
කෙසේ වෙතත් ධීවරයින් සඳහන් කලේ එම සාකච්ඡාවේදී කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මේ අතර මාදැල් ධිවරයින්ගේ සත්‍යග්‍රහය දිගින් දිගටම පැවතුණහොත් ඉදිරියේදී මාලු මිල ද ඉහළ යා හැකි බව‍යි සමස්ථ ලංකා මාදැල් ධීවර හිමියන්ගේ සංගමය පවසන්නේ. මේ අතර මාදැල් ධීවරයින්ගේ ගැටලුව සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම ධීවරයින් මුණ ගැසුනා. මේ අතර හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර ධිවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා. කෙසේ වෙතත් අද දිනයේදීත් විරෝධතාවයේ නිරත ධීවරයින් හට කිසිදු සාධනීය පිලිතුරක් ලබා දීමට රජයේ කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ.

Share