මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 9 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
ධීවරයින් පවසන්නේ තම ගැටළුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කලද මේ වන තෙක් කිසිදු විසඳුමක් නොලැබුණු බවයි.
මේ අතර මාදැල් කර්මාන්තය අතරමැද නැවතීම හේතුවෙන් තම ජීවනෝපායන් මේ වන විට අඩාල වී ඇති බව මාරවිල ප්‍රදේශයේ සුළු පන්න ධීවරයින් ද චෝදනා නගනවා.
මෙරට වෙරළ තීරයේ නිතර දක්නට සාම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතා කිරීම රජය විසින් තහනම් කරනු ලැබුවා.
එම තීරණයට විරෝධය පල කරමින් කල්පිටිය, මුලතිව්, පුත්තලම් ඇතුළු දිස්ත්‍රිකක්ක කිහිපයක ධීවරයින් පසුගිය 5 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
අද සත්‍යග්‍රහයේ නවවැනි දිනයයි.
මේ අතර රජය ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ප්‍රදේශ රැසක මා දැල් ධීවරයින් සිය කර්මාන්ත කටයුතුවලින් ඉවත් වුණා.
ඒ අනුව මාරවිල ප්‍රදේශයේ සුළු පන්න ධීවරයින් චෝදනා නගන්නේ සිය දෛනික ජීවනෝපායන් අඩාල වීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.





