මා දැල් ධීවරයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

මා දැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික ක්‍රමවේද භාවිතා කිරීම තහනම් කිරීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් මා දැල් ධීවරයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දෙවැනි දිනටත් විරෝධතාවයේ නිරත වනවා.

බලධාරීන් සමග කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් ඊයේ තීරණය කළේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැය පහන් කිරීමටයි. මා දල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික ක්‍රමවේද භාවිතා කිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දිවයින පුරා ප්‍රදේශ නියෝජනය වන පරිදි මා දැල් ධීවරයන් පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පා ගමනින් පැමිණියා.
පොලිසිය පා ගමන වැලැක්වීමට පොලිසිය උත්සහ දැරූ අවස්ථාවේ අති වූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය අසලටම පැම්ණි ධීවරයින් විරෝධතාව‍ ආරම්භ කළා. ධීවරයන් පවසන්නේ රජය විසින් ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.විරෝධතාකරුවන් අතුරින් පස්දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු සමග සාකච්ඡාවක් හිමි වුණා. එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැය පහන් කළා. ධීවරයින් තවදුරටත් එහි රැඳී සිටිනවා.

Share