මෙරට ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන වන මාස් හොල්ඩිංග්ස් ව්‍යාපාර සමූහය, තුල්හිරියේ පිහිටි මාස් මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
මාස් කළමනාකරණය විසින් පසුගිය පෙබරවාරි 19 දා එහි සේවකයින්ට දැනුම් දී ඇත්තේ, තුල්හිරියේ පිහිටි මෙත්ලිය කර්මාන්තශාලාව, රෙදි නිෂ්පාදන මෙහෙයුම් වෙනුවෙන් පමණක් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි.
ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තයේ මතුව ඇති පසුබැසීම හමුවේ මාස් හොල්ඩිංග්ස් ව්‍යාපාර කළමනාකාරීත්වය මෙම තීරණය ගත් බවයි MAS හෝල්ඩිංග්ස් සිය සේවක සමූහයාට දැනුම් දී ඇත්තේ
කෙසේ නමුත් මාස් සමූහයේ ඇඟලුම් කම්හලක් වසා දැමීමට තීරණය කර ඇති බවට වන ප්‍රවෘත්තිය මෙරට සමාජ මාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවල ද දැඩි කතාබහට ලක්වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා
කේසේ නමුත් අද කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පැවසුවේ, මෙරට ඇඟලුම් නිෂ්පාදන මත එල්ල වූ පීඩනය යළි ලිහිල් වෙමින් පවතින බවයි.





