ශ්රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන තිබෙනවා
ශ්රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ මීළඟ මධ්යම කාරක සභා රැස්වීමේදී අදාළ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි.





