මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

සෑම මාසයක අවසන් දිනයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව මේ මස අවසානයේ කිසිදු ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ ඉදිරි මිල සංශෝදනයන් සිදුවන්නේ ද ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් බවයි.
මේ අතර හඳුන්වා දී ඇති QR ක්‍රමවේදය ද හැකි ඉක්මනින් අවසන් කිරිමට බලාපොරෝත්තුවන වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Share