මාර්ගගත වීඩියෝ ක්‍රීඩාවන් සඳහා යොමුවී ඇති බහුතරයක් ඔන්ලයින් සූදු ක්‍රීඩාවට යොමුනොවන බව ෂෝන් මැක්කැම්ලේ පවසයි

මාර්ගගත වීඩියෝ ක්‍රීඩාවන් සඳහා යොමුවී ඇති බහුතරයක් ඔන්ලයින් සූදු ක්‍රීඩාවට යොමුනොවන බව බල්ගේරියාවේ පිහිටි ගෙම්වර්ක්ස් ආයතනයේ නිර්මාතෘ ෂෝන් මැක්කැම්ලේ පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ, සිව් දිනක් පුරා කොළඹදී පැවැත්වෙන ස්පයිස් සවුත් ඒෂියා 2026 සමුළුවට එක්වෙමින් ටිවී සුප්‍රීම් නිව්ස් වෙත විශේෂයෙන් අදහස් දක්වමින්.
මෙම සමුළුවේ තෙවන දිනය අදයි.

ස්පයිස් සවුත් ඒෂියා 2026 7 වැනි වාර්ෂික උපාය මාර්ගික වැඩසටහන මාර්තු මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.
මේ සඳහා ලොව පුරා ක්‍රීඩා විධායකයින්, මාර්ගගත ක්‍රීඩා ආයතන සහ ගෝලීය වෘත්තිකයන් ඇතුලු බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටිනවා.
මේ සඳහා එක්ව සිටින ඉන්දියාවේ එම්එම්බී නීති දෙපාර්තමේන්තුවේ නිර්මාතෘ මහේෂ් මදන් භාත් පවසන්නේ මේ වනවිට ඉතා වේගයෙන් සංවර්ධනය වන AI වැනි මෙවලම් හේතුවෙන් නීති සම්පාදකයින්ට නිසියාකාර නීති සැකසීමට අපහසු වී ඇති බවයි.

ක්‍රීඩා කර්මාන්තය වේගයෙන් අනාගතදී හැඩහැඩගැස්වීම සඳහා මේ වනතෙක් නියාමනයක් ඉදිරිපත් කර නැහැ.
එහි බොහෝ කොටසක් රටවල් පුරා අපගේ නීති සම්පාදකයින් මත පදනම් වී තිබෙනවා.
අවාසනාවකට, උදාහරණයක් ලෙස AI වැනි දේ ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතීනවා
මිනිසුන් විදියට අපට එය පවත්වාගෙන යාමට ඉතා අපහසු වී තිබෙනවා
මෙය නියාමනය කළ යුතු රජයන්ද තවමත් එක් පියවරක් පසුපසින් සිටිනවා
නමුත් මම කියන්නෙ, උදාහරණයක් ලෙස ඉන්දියාව, මේ වනවිට මේ කර්මාන්තය සහ ප්‍රජාව සමඟ සම්බන්ධ වීම සඳහා බොහෝ උත්සාහයන් ගන්නා අතර, දෙපාර්ශ්වයටම සුදුසු ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා

මේ අතර, මාර්ගගත වීඩියෝ ක්‍රීඩා සඳහා මේ වනවිට 80%කට වැඩි පිරිසක් යොමු වී ඇති නමුත් ඔවුන්ගෙන් බොහෝමයක් මාර්ගගත සූදු ක්‍රීඩාවට යොමුනොවන බව බල්ගේරියාවේ පිහිටි ගෙම්වර්ක්ස් ආයතනයේ නිර්මාතෘ ෂෝන් මැක්කැම්ලේ පවසනවා
80% ක්‍රීඩකයන් කිසිම මොහොතක කැසිනෝ වලට නොයන අතර ඔවුන් එවැනි තැන්වලට යන්නේ පහසුකම් භුක්ති විඳීමට පමණයි,
ඔවුන් කිසි විටෙකත් සූදු ක්‍රීඩා කරන්නේ නැහැ
මේ නිසා තමයි සමාජ ක්‍රීඩා ඉතා බලවත් ලෙස පවතින්නේ
මේ අතර, ශ්‍රී ලංකාවේ ද මාර්ගගත වීඩියෝ ක්‍රීඩා සඳහා වයස් භේදයකින් තොරව සම්බන්ධ වන බව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අයෝමා වික්‍රමආරච්චි පවසනවා.

Share