මාදැල් ධීවර සත්‍යග්‍රහයට අදට දින 7ක්.

රැක්ටර්වලට සවි කරන වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තය මඟින් පරිසර හානියක් සිදුවන්නේ නම් එය ඔප්පු කරන ලෙස මේවන විට සත්‍යග්‍රහයයේ නිරත ධීවරයින් විසින් අභියෝග කරනවා.
ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කර අද දින 7ක්.
ට්‍රැක්ටර්වලට සවි කරන වින්චි යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවරයින් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 7වැනි දිනටත් පැවැත්වුණා.

Share