මාදැල් ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් ගැටලු රාශියකට මුහුණ දේ

නිති විරෝධී මසුන් ඇල්ලීම හේතුවෙන් පාරම්පරික ධීවර කර්මාන්තයක් වන මාදැල් ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් මේ වන විට ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් සම්මත මුහුදු රැකියාවන්වලට දැඩි තර්ජනයක් මෙන්ම ලැ‌බෙන මත්ස්‍ය අස්වැන්නද අඩුවන බවයි. අතීතයේ පටන් සිදු කරගෙන ආ පාරම්පරික ධීවර කර්මාන්තයක් වන මාදැල් ධීවර කර්මාන්තකරුවන් අද වන විට ඉමහත් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
හික්කඩුව, තෙල්වත්ත, පැරැලිය ප්‍රදේශයේ පාරම්පරික මා දැල් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ තහනම් පන්න ක්‍රමයන් හෙවත් නිති විරෝධී ආකාරයට මසුන් ඇල්ලීම සදහා භාවිතා කරන හැඹිලි දැල් භාවිතා කරමින් ඇතැම් පිරිස් ධීවර රැකියාවේ නිරතවීමයි.
මෙම ප්‍රදේශයේ පවුල් පන්සියයක පමණ පිරිසක් මා දැල් ධීවර කර්මාන්තයෙන් දිවි රැක ගන්නවා.

හැඹිලි දැල් භාවිතය හේතුවෙන් සාම්ප්‍රදායික ධීවරයින්ගේ අස්වනැන්න අඩු වන අතර මත්ස්‍ය ගහණය ද ක්‍රමයෙන් අඩු වන බව ධීවරයින් පෙන්වා දෙනවා.
මෙම හැඹිලි දැල් භාවිත කිරීම තහනම් කර ඇතත් ධීවරයින් පෙන්වා දෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අඩු ලුහුඩුකම් රැසක් ඇති බවයි.

Share