තමන් වැරදි ක්‍රියාවක් සිදුකරනවානම් එය නීත්‍යානුකූලව සාක්ෂි සමඟ ඔප්පු කර පෙන්වුහොත් සිය අඛණ්ඩ සත්‍යග්‍රහය අත් හැරීමට සූදානම් බව මාදැල් ධීවරයින් පවසනවා.
වින්ච් තහනමට එරෙහිව මාදැල් ධීවරයින් සත්‍යග්‍රහයේ නිරතව සිටින්නේ අටවැනි දිනටයි.
ට්‍රැක්ටර්වලට සවි කරන වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ නිරත වීම තහනම් කිරීමට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවරයින් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 8වැනි දිනටත් පැවැත්වෙනවා.
ඔවුන් මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා කළත් ඊට සාධනීය විසඳුමක් මෙතෙක් ලැබී නැහැ.





