” මහ ජන හඬ’ රැලියේ මූළික කටයුතු මේ වන විටත් සූදානම්

විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව හෙට නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලියේ මූළික කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන් බව පක්ෂ නියෝජිතයන් පවසනවා.
රැලිය පැවැත්වෙන කාල සීමාව තුළ නුගේගොඩ හා ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් පැවැත්වීමට නියමිත මෙම ජන රැලිය ” මහ ජන හඬ’ ලෙස නම් කර තිබෙනවා
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන් මෙම රැලියට සමගි ජනබලවේගය සහ සර්වජන බලය පක්ෂ එක්වන්නේ නැහැ.
හෙට දිනයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂට පොලිස් අධිකාරීවරයා ඇතුලු පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.රැළිය ආරම්භ වන පස්වරු 02.00 සිට රැළිය අවසන් වන තුරු, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා වනවා.
ඒ අනුව පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
මේ අතර හෙට පැවැත්වීමට නියමිත රැලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් විවිධ අදහස් පල කළා.

Share