මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වන මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා
ඒ අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140ක්, සම්බා වී කිලෝවක මිල රුපියල් 130ක් හා නාඩු වී කිලෝවක මිල රුපියල් 120ක් ලෙස මිලදී ගැනීමට නියමිත බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.
2025 – 2026 මාස් කන්නයේ වී අස්වනු මේ දිනවල ප්‍රදේශ රැසක ගොවින් නෙලමින් සිටිනවා.
එලෙස අස්වනු නෙලන පසුබිමක ගොවින් චෝදනා කළේ තම වී අස්වනු මිලදී ගැනීම සඳහා රජයේ කිසිදු වැඩ පිළිවෙලක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ වියලි වී මිලදී ගැනීමට පමණක් රජයේ අවධානය යොමු කිරීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ පෞද්ගලික වෙළදුන්ට වී අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇති බවයි. මේ අතර අම්පාර ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග තම වී අස්වැන්න වේලා ගැනීමේ අර්බුදයකටද ගොවීන් මුහුණ දී සිටිනවා. පවතින ගොවි ගැටලු සමබන්ධයෙන් මහවැලි ගොවි සංවිධානය ද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. මේ අතර 2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අදාළ වී මිල ගණන් වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා විසින් ප්‍රකාශයට පත්කළා.
ඒ අනුව මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා .





