මහනුවර – නාවලපිටිය මාර්ගය විවෘතයි

දිට්වා සුළි කුණාටුව සමඟ ඇතිවූ අධික වර්ෂාවත් සමඟ නායයෑමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ධාවනය සඳහා අද පෙවරුවේ විවෘත කෙරුණා.
කෙසේවෙතත් මාර්ගයට ඉහළින් ඇති පස් කඳු නායයෑමේ අවදානමක් පවතින බැවින් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු සුපරික්ෂාකාරීව රිය ධාවනය කරන ලෙස මාර්ගය සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 643ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදන්ව ඇති පුද්ගලයින් ගේ සංඛ්‍යාව 183ක්.

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 643ක් දක්වා ඉහළ ගොස් පුද්ගලයින් 183 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් වැඩිම පිරිසක් අපදාවට ලක්ව ඇත්තේ ‍කොළඹ දිස්ත්‍රික්කයයි.
එහි පවුල් 86,150 කට අයත් පුද්ගලයින් 330,464ක් පීඩාවට පත්ව සිටිනවා.
‍මේ අතර මෙම ව්‍යවසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යවක් අහිමි වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 237ක් සහ අතුරුදන්ව ඇති සංඛ්‍යව 73ක් වනවා.

යටියන්තොට බෙරන්නාව තැන්නවත්ත ප්‍රදේශයේදී පසුගිය 27 වැනිදා නායාමට අසුවුණු හත් හැවිරිදි දැරියකගේ මළ සිරුර ඊයේ සොයා ගැනිමට ආපදා සහන කණ්ඩායම්වලට හැකිවුණා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නායයෑමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසුව රථවාහන ධාවනය සඳහා අද පෙරවරු හතට විවෘත කෙරුණා.
නායයෑම නිසා මාර්ගයට අත් වී ඇති පස් කඳු ඉවත් කර සකස් කර තිබුණද මාර්ගයට ඉහළින් ඇති පස් කන්ද නායයෑමේ අවදානමක් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු සුපරීක්ෂාකාරීව රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ජල ගැලීම් හේතුවෙන් හානියට පත් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කඩිනමින් සිදු කෙරෙන්නේ යුද හමුදාවේ ද සහයෙන්.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ‍සෝමාවතිය විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී තිබෙනවා.
සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය 35 කණුව ප්‍රදේශය තවදුරටත් ජලය යටවී තිබීම හේතුවනේ පූජා භූමියට පැමිණීම සඳහා වන්දනාකරුවන්ට තවමත් අවස්ථාව හිමිවී නැහැ.
කෙසේවෙතත් විහාරස්ථානයේ දෛනික ආගමික කටයුතු බාධාවකින් තොරව සිදු කෙරෙනවා.

පොලොන්නරුව අඹන් ගඟ ආශ්‍රිතව ගොවිතැන් කටයුතුවල නිරත වන දිග්ගල්පිටිය, අංගම්මැඩිල්ල, කලාගල, පරාක්‍රම සමුද්‍රය දකුණු ඉවුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණනක් ගංවතුරට හසු වී විනාශ වී තිබෙනවා.
එම ගොවීන් පෙන්වා දෙන්නේ වගා භූමි නිසියාකාරව පරීක්ෂා කර හානි තක්සේරු කිරිම සඳහා නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බවයි.
යළි තිබූ ආකාරයට වගා බිම සකස් කිරීම සඳහා ලක්ෂ හතකට ආසන්න මුදලක් වැය වන බැවින් හෙක්ටයාරයකට ලබාදෙන බව පැවසෙන ලක්ෂ එකහමාරක මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ අතර, නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලා පොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඔවුන් පවසන්නේ උතුරු- උතුරු මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු එකෙන් පමණ පසුව වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවූම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 -40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවයි.
ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ලබාදෙන දීමනා හා සහන අතර නිවාස යථාවත් කිරීමේ දීමනාව රුපියල් 25,000ක්
මුළුතැන්ගෙයි හා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමේ දීමනාව රුපියල් 50,000ක් ද හිමිවෙනවා.
ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා සාමාජිකයින් 02 හෝ ඊට අඩු පවුල් සඳහා මසකට රු. 25,000ක් ද, සාමාජිකයින් 02ට වැඩි පවුල් සඳහා මසකට රු. 50,000ක් ද හිමි වනු ඇති.
පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් එක් දරුවෙකුට රුපියල් 15,000ක දිමනාවක් ලබා දෙම සම්බන්ධයෙන්ද මාර්ගෝපදේශවල සදහන්
නිවස අහිමි වූ හෝ පූර්ණ හානියට පත් නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකරන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා මසකට රුපියල් 25,000 බැගින් උපරිමය මාස 06ක් දක්වා ලබා දිමටද නියමිතයි.

Share