චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී මල්ලවපොර කාන්තා කි.ග්රෑ. 50 බර පන්තියේ රන් පදක්කම දින ගැනීමට නිපුණි වාසනා සමත් වුණා. ඇය අවසන් තරගයේ දී වියට්නාම ක්‍රීඩිකාවක්වන ඩොන් ති කිම් ඕන්හ් 3-1 ක් ලෙස පරාජය කළා. ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව ලෙස නිපුණි ඉතිහාසයට එක් වනවා.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සමඟ අත්වැල් බැඳගනිමින් 24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.
රටපුරා පාසල්වල වොලිබෝල් ක්‍රීඩාවේ නිරත දක්ෂ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නංවමින් ජාතික තලයට ඔසවා තැබීමට DSI ප්‍රධානත්වයෙන් 1999 වර්ෂයේදී ආරම්භ කළ DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් ක්ෂේත්රයේ කැපී පෙනෙන්නෙ දියුණුව කට මඟ හෙළි කළ සංධිස්ථානයක්.
මෙම වසරේ දී මුළු දිවයිනම නියෝජනය වන අයුරින් පාසල් වොලිබෝල් කණ්ඩායම් 3500 ක් පමණ සහභාගී වනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරනවා.
වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම තරගාවලිය පැවැත්වෙනවා.
ජාතික මට්ටමේ තරඟ ඔක්තෝබර් 1 වෙනිදා සිට ආරම්භ වන අතර අවසන් මහා තරඟ නොවැම්බර් 14 සහ 15 දෙදින පුරා පැවැත්වීමට නියමිතයි.





