ජනතාවගේ ජීවිත සකස් කර ගැනීම සඳහා ප්‍රජා විශෝධණ දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව කළ හැකි සියලුම කාර්යයන් සිදුකරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවාදෙහිවලදී පැවති මම මට ආදරෙයි 2026” – සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය ජනගත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජයක් ලෙස කළ හැකි සියලු දේ කරන බවයි.
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධනය කළා. ඒ දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදීයි.
සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුව ස්වේච්ඡාවෙන් ම විශෝධන ක්‍රියාවලියට එක්වූ පුද්ගලයින් සහ අධිකරණ මඟින් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කර ඇති පුද්ගලයින් යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ අරමුණින් “මම මට ආදරෙයි 2026” සතුටු පවුලක්, නිදහස් ජිවිතයක්, විශෝධන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.
ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමුවූ පුද්ගලයින්ගේ ආකල්ප වර්ධනය කිරීමේ සහ සෞන්දර්යාත්මක වැඩසටහන් මෙහිදී සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්මලී ගුණසිංහ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති පැරකුම් ශාන්ත, ප්‍රජා පාදක විශෝධන කොමසාරිස් නීතිඥ ඩිලාන් ගුණරත්න සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටියා.





