මන්නාරම් සුළං විදුලි ව්‍යාපෘති සහ ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතිවලට එරෙහිව පැවති දින 105ක සත්‍යග්‍රහය අවසන් කිරීමට ඊට එක්ව සිටි සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ රජය තම ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබාදෙන ඇති බවට වූ විශ්වාසය මත මෙම තීරණය ගත් බවයි.
මන්නාරම් දූපතේ ඉදිකිරීමට සැලසුම් කරන සුළං විදුලි ව්‍යාපෘතිවලට සහ මන්නාරම් දූපතේ කෙරෙන ඛනිජ වැලි කැණීම්වලට එරෙහිව මන්නාරමේ විටින් විට විවිධ විරෝධතා පැවැත්වුණා.
පසුගිය සැප්තැම්බර් 27 වැනිදා රාත්‍රියේ සුළං බාලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ රැගෙන ඒමත් සමඟ එම විරෝධතා පුපුරා ගියා.
ඒ අනුව පුරවැසි කමිටුව නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
මන්නාරමේ එම සත්‍යග්‍රහයට පසුගිය 10 වැනිදාට දින 100ක් සම්පූර්ණ වුණා.
මෙම විරෝධතා වර්ධනය වෙද්දී පසුගිය දා ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ දැනට අනුමැතිය ලබාදී ඇති සුළං විදුලි ව්‍යාපෘති දෙක හැර වෙනත් සුළං විදුලි ව්‍යාපෘති සඳහා මන්නාරම් දූපත යොදා නොගැනීමටයි.
ජනාධිපතිවරයාගේ නව තීරණයෙන් තමන් මුහුණ දී සිටින ගැටලු කිසිවකට පිළිතුරු නොලැබෙන බව ඔවුන් සඳහන් කළ ද දින 105කට පසු සත්‍යග්‍රහය අවසන් කිරීමට මන්නාරම පුරවැසි කමිටුව තීරණය කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ රජය සිය ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් විරෝධතාව අවසන් කරන බවයි.
ජන අරගල සන්ධානය සහ මන්නාරම පුරවැසි කමිටුව එක්ව මෙම සත්යග්රහ ව්‍යාපාරය පැවැත්වු අතර, එය නවතා දැමීමට තීරණය කර ඇත්තේ මන්නාරම පුරවැසි කමිටුව විසින්.
ජන අරගල සන්ධානය පවසන්නේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තමන්ගේ තීරණය දැනුම් දෙන බවයි.
මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට සහ ඛනිජ වැලි කැණීම්වලට එරෙහි විරෝධතා අවසන් කිරීමේ තීරණයක්
මන්නාරම ජනතාව විරෝධතා රැසකට එක්වෙයි
සැප්තැම්බර් 27 වැනිදා රාත්‍රියේ සිට ඇරඹූ විරෝධතාවය
නගර මධ්‍යයේ ඇරඹි සත්‍යග්‍රහය
සත්‍යග්‍රහයට පසුගිය 10 වැනිදාට දින 100ක් සම්පූර්ණ වුණා
දින 100 සමරමින් මන්නාරම පුරවැසි කමිටුව සහ ජන අරගල ව්‍යාපාරය පන්දම් විරෝධතාවයක
අනුමැතිය දුන් ව්‍යාපෘති දෙක හැර අනෙක් ව්‍යාපෘති නවතා දැමීමේ තීරණයක්
තමන් මුහුණ දී ඇති ගැටලුවලට එය විසඳුමක් නොවන බව පවසයි
මෙම විරෝධය පැවැත්වූයේ ජන අරගල සන්ධානය හා මන්නාරම පුරවැසි කමිටුව එක්වයි
Full card එපා / විෂුවල් එක්ක court text දාන්න
දින 105ක් පුරා පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය නවතා දැමීමට මන්නාරම පුරවැසි කමිටුව තීරණය කරයි
තම ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම විරෝධතාවය අවසන් කළා
සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තමන් ගන්නා තීරණය දැනුම් දෙනවා





