මන්නරම් නගර මධ්‍යයේ ඇරඹී අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට දින 100ක්

මන්නාරම් දූපතේ ඉදිකිරීමට සැලසුම්කර ඇති සුළං විදුලි ව්‍යාපෘතිවලට සහ දූපත පුරා සිදුකෙරෙන ඛණිජ වැලි ජාවජාවාරමට එරෙහිව මන්නරම් නගර මධ්‍යයේ ඇරඹී අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට දින 100ක් සම්පූර්ණ වුණා.
සත්‍ය්‍යග්‍රහයේ දින 100 සමරමින්, මන්නාරම් පුරවැසි කමිටුව සහ ජන අරගල ව්‍යාපාරයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ විශේෂ පන්දම් විරෝධතායවයක් ද සංවිධානය කර තිබුණා.මන්නාරම් දූපතේ ඉදිකිරීමට සැලසුම් කරන සුළං විදුලි ව්‍යාපෘතිවලට සහ මන්නාරම් දූපතේ කෙරෙන ඛනිජ වැලි කැණීම්වලට එරෙහිව මන්නාරම් පුරවැසි කමිටුව නගර මධ්‍යයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ ඒ් සම්බනධයෙන් විටින් විට පළ කළ විරෝධතා සම්බන්ධයෙන් රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබ තිබියදීයි.
සුළං විදුලි බලාගාරවල ඉදිකිරීම් සහ ඒ් වෙනුවෙන් ගොඩනැගෙන යටිතල පහසුකම් හේතුවෙන් මන්නාරම් දූපත තුළ තමන් මෙතෙක් කරගෙන ආ කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තය කළ නොහැකි තතත්වයක් මතුව ඇති බවටත්, දූපතේ ජලය ගලායෑම අවහිර වී තමන් දිගුකාලීන ගංවතුරකට ගොදුරු කර ඇති බවත් මන්නාරම් වැසියන් චෝදනා කළා.
මෙම විරෝධතා වර්ධනය වෙද්දී පසුගිය දා ජනාධීපතිවරයා තීරණය කර තිබුණේ දැනට අනුමැතිය ලබාදී ඇති සුළං විදුලි ව්‍යාපෘති දෙක හැර වෙනත් සුළං විදුලි ව්‍යාපෘති සඳහා මන්නාරම් දූපත යොදා නොගැනීමටයි
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ නව තීරණයෙන් තමන් මුහුණ දී සිටින ගැටලු කිසිවකට පිළිතුරු නොලැබෙන බවයි මන්නාරම් සිවිල් සංවිධාන එකමුතුව පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ.
ඒ් අනුව තමන් ඇරඹූ අඛණ්ඩ සත්‍යග්‍රහය අත්නොහරින බව ද ඔවුන් අවධාරණය කළා.

Share