මධ්‍යධරණී මුහුදේ මහා සුදු මෝරුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර, නීති විරෝධී මසුන් ඇල්ලීම ඔවුන්ගේ පරිහානියට හේතු වී ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කරනවා.
එක්සත් රාජධානියේ පවතින බ්ලූ මැරීන් පදනම සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කරන ඇමරිකානු විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණයකට අනුව මහා සුදු මෝරුන් ඇතුළු වඩාත් තර්ජනයට ලක්ව ඇති විශේෂ කිහිපයක් උතුරු අප්‍රිකානු මත්ස්‍ය වෙළඳපොළවල අලෙවි කරන බව පවසනවා.
ජාත්‍යන්තර නීතිය යටතේ ආරක්ෂා කර ඇති මධ්‍යධරණී මෝරුන් විශේෂ 20 අතරින් වඩා විශේෂත්වයක් උසුලන්නේ මහා සුදු මෝරුන්.
උතුරු අප්‍රිකාවේ මධ්‍යධරණී වෙරළ තීරයේ ධීවර වරායන් නිරීක්ෂණය කිරීමෙන් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ 2025 දී පමණක් අවම වශයෙන් මහා සුදු මෝරුන් 40 ක් එහි මරා දමා ඇති බවයි.





