ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හට පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි විය හැකි බවට වාර්තා වනවා.
ඊට හේතු වී ඇත්තේ ඔහුගේ පාදයේ මතුවී ඇති ආබාධයෙන් තරමක් බරපතල තත්ත්වයේ පැවතීමයි.
මතීෂ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති තරගයේදී ආබාධයට ලක් වූනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු තුරුම්පුවක් වන මතීෂ පතිරණ පසුගිය දා ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ඔහු ක්‍රියාත්මක කල පළමු පන්දු ඕවරයේ දීම ආබාධයකට ලක්වුනා
පන්දු හතරක් යැවීමෙන් අනතුරුව ඔහුගේ වම් කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වූ ඔහු පිටියේ ඇද වැටීමෙන් පසු ඉනිම අතරතුර නැවත පිටියට පැමිණියේ නැහැ.
ආබාධයට ලක් වූ වහාම ශ්‍රී ලංකා භෞත චිකිත්සකවරයාගෙන් කෙටි ප්‍රතිකාර ලබා ගත් පතිරණ, සහායක කාර්ය මණ්ඩලයේ ද සහාය ඇතිව පිටියෙන් ඉවත් වුනා.
තරගය අවසන් වූ වහාම, ඔහුව ස්කෑන් පරීක්ෂණක් සඳහා යොමු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නා වන මතීෂ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉවත් වූ දෙවැනි ක්‍රීඩකයායි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පුවක් වූ වනිඳු හසරංග ද දැනටමත් කලවා මාංශයේ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
මතිෂගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බල ඇණිය සවිමත් කිරීම සඳහා බොහෝ විට බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර හෝ ඩිල්ෂාන් මදුශංක තෝරා ගනු ඇති.





