මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් සේවකයින් 46 දෙනෙකු හඳුනාගැනේ

මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා මේ වන විට කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් සේවකයින් 46 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා.
එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා පවසන්නේ මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.
මේ අතර අද කොට්ටාව නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැටලීම් සිදු කරනු ලැබුවා.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව අද උදෑසන කොට්ටාව බස් නැවතුම්පොළේ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය පරික්ෂාවට ළක් කෙරුණා.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි එක් පුද්ගලයකු හඳුනා ගැනුණු අතර පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.
මේ දක්වා සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 1173 දෙනෙකු පරීක්ෂාවට ළක් කර ඇති අතර ඉන් පුද්ගලයින් 46 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණි ජාසිංහ මහතා පවසන්නේ දිගින් දිගටම මෙම පරික්ෂා කිරීම් අහඹු ලෙස සිදුකරන බවයි.

Share