මත්ද්‍රව්‍ය භාවිතාකරන රියදුරන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් නව ව්‍යාපෘතියක්

විවිධ විෂ මත්ද්‍රව්‍ය 13ක් හඳුනා ගැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල සහ ජංගම රසායනාගාරය යොදා ගනිමින් රියදුරන් පරික්ෂා කිරීමේ මෙහෙයුම් අද සිට ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියෙන් පසු වැඩපිළිවෙළ දිවයින පුරා පුලුල් කරන බවයි. බස්නාහිර පළාත තුළ රථ වාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Share