නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ යාත්‍ර කරමින් තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු තුනකට එල්ල වූ බහුවිධ ප්‍රහාරවලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු මිය ගිය බව අමෙරිකානු හමුදාව පවසනවා.
ට්‍රම්ප් පරිපාලනය සැප්තැම්බර් මාසයේ සිට කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන බෝට්ටු බව පවසමින් මාරාන්තික ප්‍රහාර 40 කට වඩා සිදු කර ඇති අතර, එම බෝට්ටු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට නිශ්චිත තොරතුරු ඉදිරිපත් කර නැහැ.
නිසි ක්‍රියා පටිපාටියක් නොමැතිව අමෙරිකාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, සිවිල් වැසියන් මිය යෑමට ඉඩ ඇති බවටත්, මෙම ප්‍රහාර නීති විරෝධී සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවටත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන අවස්ථා ගණනාවක ප්‍රකාශ කර ඇතත් අමෙරිකාව පවසන්නේ අපගේ අර්ධගෝලයෙන් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් ඉවත් කිරීම සහ අපේ ජනතාව මරා දමන මත්ද්‍රව්‍යවලින් අමෙරිකාව ආරක්ෂා කිරීම මෙම මෙහෙයුම්වල අරමුණ බවයි.





