විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සියයකට අධික ප්‍රමාණයක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ තුළ හඳුනාගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වූ පසු තරාතිරම නොබලා හැකි උපරිම දඬුවම් ලබාදෙන බවයි.
පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේ ඌව පළාත තුළ දැඩි ලෙස ව්‍යප්ත වී ඇති ගංජා විෂ මත්ද්‍රව්‍යය නිතී ව්රෝධී මත්පැන් උවදුර සම්පුර්ණයෙන් ඉවත් කිරිමේ මෙහෙයුමක ආරම්භක අවස්ථාවට එක් වෙමින්.
ඌව පළාත තුළ ව්‍යප්ත වී ඇති විෂ මත්ද්‍රව්‍යය මෙන්ම නිතී ව්රෝධ් මත්පැන් උවදුර තුරන් කිරීමේ වැඩ සටහනේ සමාරම්භක උත්සවය අද පොලීස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ තණමල්විල පොලීස් ස්ථානයේදීයි.
මත්ද්‍රව්‍යය වලින් තොර රටක් බිහි කිරිමේ රජයේ ප්‍රතිපත්තියට අනුවයි මෙම පියවර ක්‍රියාත්මක වන්නේ.
මේ අතර බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඊයේ සිදුකළ වැටලීමකදී රාගම තේවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 271 ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.
රුපියල් කෝටි හයකට අධික වීදි වටිනාකමකින් යුත් මෙම කෙරල ගංජා තොගය පාර්සල් 89 ක ඇසුරුම් කර තිබුණා.
මේවා බෙදා හැරි බවට සැකකරණ පුද්ගලයකුද අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 34 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
මෙම කේරල ගංජා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එන්නට ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.





