හෙරොයින් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්රදේශයේ විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු දින හතක් රඳවාගෙන ප්රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය අද පොලිසියට අවසර ලබා දුන්නා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ අදාළ විදුහල්පතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනයක ආරම්භ කළ බවයි.
PKG
අනුරාධපුර එප්පාවල කටියාව යාය 10 ප්රදේශයේ ප්රථමික පාසලක විදුහල්පතිවරයෙකු වූ බාලසූරිලාගේ ජයන්ත බාලසූරිය නැමැත්තා හෙරොයින් මත්ද්රව්ය ජාවාරමේ නිරත වීමේ චෝදනා යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්රෑම් 50ක් සමඟයි.
පසුව සැකකරුට අයත් එප්පාවල ප්රදේශයේ පිහිටි හෝටලයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 1යි ග්රෑම් 20ක් සොයා ගත් අතර තවත් සැකකරුවෙක් ද පොලිස් අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්යවරයා හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබුවා.
NAT
පසුව ඔවුන් දෙදෙනා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් තඹුත්තේගම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
Nat
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් තඹුත්තේගම මහේස්ත්රාත් ගයත්රි හෙට්ටිආරච්චි මෙනෙවියට දැනුම් දුන්නේ ඉදිරි විමර්ශන සදහා රැඳවුම් නියෝග ලබා ගැනිමට අපේක්ෂා කරන බවයි.
මෙම සැකකාර විදුහල්පතිවරයා අනුරාධපුර දිස්ත්රික් මත්ද්රව්ය නිවාරණ අංශයේ සභාපති ලෙසද කටයුතු කරන අයෙක් බව විමර්ශන නිළධාරීන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.
අත්ඩංගුවට ගත් විදුහල්පතිවරයා, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරියක වන දිස්නා නෙරංජලාගේ ස්වාමී පුරුෂයායි.
මෙම හෙරොයින් මත්ද්රව්ය තොගය ඩුබායි රාජ්යයේ සැඟව සිටින සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් වන ශාෂි නැමැත්තාගෙන් ලැබී ඇතැයි විමර්ශනයේ දී අනාවරණ වී තිබෙනවා.
අදාළ ශාෂි නැමැත්තා අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ සහෝදරයකුගේ පුත්රයකු බවද විමර්ශන නිලධාරීන් පැවසුවා.
ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්රී දිස්නා නිරංජලාගේ පෑලියගොඩ පිහිටි නිවස ද ඊයේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කෙරුණා.
නිවසේ තිබී කිසිවන් හමු වී නොමැති අතර ඇයගෙන් ද ප්රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඇය මහාපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් බව පොලිසිය පවසනවා.
මේ අතර ඔවුන්ගේ පුත්රයෙක් පසුගිය 29 වැනිදා හෙරොයින් ග්රෑම් විස්සක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි මිතුරන්ට පවසා ඇත්තේ, සිය නිවසේ හෙරොයින් පාර්සලයක් සහ විද්යුත් කිරුම් උපකරණයක් ඇති බවයි.
ඒවා නිවසට ආසන්න වැවක් ආශ්රිතව සඟවන ලෙස ඔහු උපදෙස් දී ඇතැයි සඳහන්.
එම උපදෙස් අනුව අදාළ මිතුරා කටයුතු කරන අවස්ථාවේ එහි පැමිණි සැකකරුගේ පියා වන විදුහල්පතිවරයා උපදෙස් දී ඇත්තේ එම මත්ද්රව්ය තොගය සිය නිවස පිටුපස සඟවන ලෙසයි.
මේ අතර ජාතික ජනබලවේගයේ මහලේකම් පාර්ලිමෙන්තු මන්ත්රී නිහාල් අබේසිංහ මහතා පැවසුවේ මත්ද්රව්ය ජාවාරම් චෝදනා එල්ලව සිටින විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්රී දිස්නා නෙරංජලා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.
මෙතෙක් මන්ත්රීවරියට මත්ද්රව්ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව නොමැති බව සඳහන් කළ මහලේකම්වරයා මේ සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු සලකා බලා ඉදිරි ක්රියාමාර්ග ගන්නා බව පැවසුවා.





