පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවල්ලඩි, කල්ලඩි ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය අශ්‍රිතව පවතින බැවින් ඉදිරි නිවේදන පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.





