නාවලපිටිය පස්බාගේ කෝරලය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවුඩයක් මත එම කාර්යාල පරිශ්රය අද හදිසි පරික්ෂාවට ලක් කෙරුණා.
නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා බෝම්බ නිෂ්ක්රීය අංශය, පොලිස් නිල සුනඛ අංශයේද සහයෙන් කළ පරික්ෂාවේ දී සැකකටයුතු කිසිවක් නොමැති බව තහවුරු වී තිබෙනවා.





