බොලිවියාවේ ගුවන් අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

බොලිවියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානය සැන්ටා කෲස් නගරයේ සිට එල් ඇල්ටෝ ගුවන් තොටුපළට පැමිණෙමින් සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ගුවන් තොටුපළට පිටතින් පිහිටි ප්‍රධාන මාවතකට කඩා වැටී තිබෙනවා.

ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එය බොලිවියාවේ මහ බැංකුවට මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විසිරී ගිය මුදල් නෝට්ටු ගැනීමට උත්සාහ කළ ජනතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව සඳහන්.

Share