බොල්ගොඩ ගඟේ විනෝද වෙමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක්, දම්පේ ප්‍රදේශයේදී පෙරළී ගොස් සිදුවූ අනතුරෙන් එහි සිටි 39 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව, ඇගේ පියා, දරුවන් දෙදෙනා සහ තවත් ඥාති කාන්තාවක් බෝට්ටුවේ සිට ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂිත කබා පැළඳ සිට ඇත්තේ දරුවන් දෙදෙනා පමණක් බවත් වාර්තාවනවා.
අවට පිරිස කඩිනමින් ඔවුන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් අදාළ 39 හැවිරිදි කාන්තාව මියගොස් සිට ඇති අතර එංගලන්තයේ පදිංචිව සිටින ඇය නිවාඩුවක් ගත කිරීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙරටට පැමිණ ඇතැයි පොලිසිය පැවසුවා.





