මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ බියක් ගෙන ආ ව්‍යාජ තොරතුර සම්බන්ධයෙන් පොලිස් පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිට පොලිසිය සැකපළ කරන්නේ මෙම බෝම්බ බිය ඇති කිරීම තුළින් මහජන කැළඹීමක් ඇතිකිරීමට යම් උත්සාහයක් දරා ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බ 5 ක් අටවා ඇති බවට ලද ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ඊයේ පෙරවරුවේ තරමක නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා.
ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ අවට පරිශ්‍රය දැඩි සෝදිසියකට ලක් කරනු ලැබුවා.
ආපදා තත්ත්වයට මුහුණ දුන් පිරිස් වෙත ලබාදීම සඳහා එක්රැස් කර ඇති ආහාර ද්‍රව්‍ය තොගද එම පරිශ්‍රයේ විශාල ලෙස ගබඩා කර ඇති නිසා අදාළ සෝදිසි කිරීමේ මෙහෙයුම සඳහා සැළකිය යුතු කාලයක් ගතවූ බවයි අපකළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම පරීක්ෂාවේ දී පුපුරණ ද්‍රව්‍ය හෝ එවැනි සැක කටයුතු කිසිවක් හමුනොවූ අතර අදාළ ව්‍යාජ ඊමේල් පණිවිඩය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ඊයේ ආරම්භ කරනු ලැබුවා.
මේ අතර අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම ව්‍යාජ තොරතුර, යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට ගත් උත්සහයක් බවට සැක කරන බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඊයේ පස්වරුවේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කර ඇති අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සදහන් කළේ.





