බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයට යාබදව කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකය පිහිටා ඇති අතර එය වෙන්කර ඇත්තේ තාප්පයකින්.
පෙරවරුවේ එම වැඩ ඒකකයට අයත් බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටී අනතුරක් සිදුවුණා.
කඩා වැටුණු තාප්පය අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී තිබෙනවා.
වහා මුදා ගැණුනු සිසුන් තිදෙනා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.
එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ තාප්පය අසළ පාසල් ක්‍රීඩාපිටියේ රැඳ සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරා අත්අඩංගුවට ගත් පොලිසිය බැකෝ යන්ත්‍රය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා





