බේරුවල නගර සභාවේ කුණු කන්ද නිසා තමන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදී ඇති බව ඒ අවට ජීවත් වන ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මෙම කුණු කන්දේ දැඩි දුර්ගන්ධයක් පවතින අතර මෙය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් අදාළ කටයුතු සිදුකරන ලෙසටයි ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත් ටී වී සුප්‍රීම් නිව්ස් මේ සම්බන්ධයෙන් බේරුවල නගර සභාවේ උපනගරාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමකදී කියා සිටියේ අදාළ කුණු කන්ද කඩිනමින් වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කරන බවයි.
බේරුවල නගර සභාවේ එක් රැස්වෙන කුණු දැනට අවුරුදු 3ක පමණ කාලයක සිට නගර සභා පරිශ්‍රයේම එක් කොටසක ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන අතර ඔවුන්ට නිවෙස්වල සිටීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
එසේම එහි එකතු වන ජලය ඇල මාර්ගයකට බැස යෑම සඳහා කාණු කපා ඇති අතර මේ හේතුවෙන් අවට ජලය ද අපිරිසිදු තත්ත්වයට පත්ව තිබෙනවා.
මෙම කුණු කන්දෙන් හමන දුර්ගන්ධය නගර සභා කාර්යාල තුළ ද පවතින අතර එහෙත් කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගන්නා බවයි ප්‍රදේශවාසින් පැවසුවේ.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කුණු කන්ද නාගරික ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයක රැගෙන ගොස් අදාළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සිදුකර කඩිනමින් තම ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ටී වී සුප්‍රීම් නිව්ස් බේරුවල නගර සභාවේ උප නගරාධිපති ඩී.විමලසිරි සිල්වාගෙන් විමසීමක් කළා.





